Monday, December 10, 2012

ඇයි free sms විතරක් free calls එපාද?



යාළුවො මේ දවස් වල ‍free sms යවන site ගැන හොයනවනේ
ඇයි free sms විතරක් free calls එපාද?
මෙන්න ඒ 2කටම හොඳ site 2 ක්

free sms

http://www.facesms.info
http://www.globfone.com
no registration needed

free calls

http://www.globfone.com
no registration needed

Monday, November 12, 2012

කිසිම software එකක් නැතුව xp sp2 sp3 කරමුද?

Windows 7 ආව,windows 8 ආව ඒත් තවමත් windows xp භාවිතාකරන්නන්ගේ අඩුවක් නෑ.ගොඩක් වෙලාවට අපි භාවිතා කරන XP CD ,service pack 2.ප්‍රශ්නේ තමයි සමහර advanced software xp service pack 2 වල install කරන්න බෑ.මේ වගේ ප්‍රශ්න තියෙන තවමත් windows xp වලට ඇළුම් කරන බහු ජන හිත සුව පිණිස පොඩි වැඩක් ගෙනාව.windows xp service pack 3 cd 1 කුත් නැතුව වෙන software එකක් use කරන්නෙත් නැතුව xp sp2 ,xp sp3 කරමුද?
1.windows key+R එතකොට  RUN command box open වෙනව.එකේ regetdit කියල type කරලා enter කරන්න .
2.open වෙන window එකේ  මේ පිළිවෙලට යන්න.
HKEY_LOCAL_MACHINE ---> SYSTEM ---> CurrentControlSet---> Control--> පහලම ඇති Windows
3.දැන් දකුණුපස කොටසෙ තියෙන CSDVersion කියන එක Right click කරලා Modify click කරන්න .
4.open වෙන window එකේ Hexadecimal click කරන්න දැන් value data යටතේ 200 කියල පෙන්නයි ඒකෙ 300 කියල type කරලා ok කරන.දැන් වැඩේ හරි.computer එක restart කරලා my computer properties බලන්නකෝ.windows xp service pack 3 කියල තියෙයි.




යෝජනා සහ චෝදනා

Saturday, October 27, 2012

port programming 2-කොටස computer එකෙන් LED bulb එකක් පත්තු කරමු


port programming 2

port programming වලට පිවිසීමට ප්‍රථම අප දෙන ගත යුතු තව තවත් දෙයක් දෙයක් තියෙනවා windows operating system වල පොර්ට් lock කරල තියෙන්නෙ.දැන් මොකද කරන්නෙ ? අපි හැමෝම වගේ windows os නේ.ඒකට පොඩි trick එකක් තියෙනවා.ඊට ඉස්සෙල්ල පොඩි වෙඩක් කරලා බලන්නකෝ.කට්ටියට ආස හිතෙයි.
1.ඔයාගේ computer එක shut down කරන්න
2.LED BULB එකක් අරන් ( - අග්‍රයට 470 OMS ප්‍රතිරෝධයක් පාස්සගන්නයි  මන් කලින් කිව්වා වගේ port එකේ ආරක්ෂාවට port socket අරන් ඒකට වයර් පාස්ස ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි.) + අග්‍රය pin 2(d0) ටයි - අග්‍රය pin 18,25 අතර ඕනෑම එකකටයි ගහන්න.LED එකේ කම්බි තියෙන නිසා පහසුවෙන් පොර්ට් එකේ සිදුරු වලට ඇතුළු කරන්න පුලුවන්.දැනට එහෙම කරල ඉස්සරහට port socket එකකට වයර් පාස්ස ගන්න පුරුදු වෙන්න.දැන් computer එක on කරන්න.LED bulb එක පත්තු වෙයි.පත්තු වෙන්නේ නැත් නම් ඇගිල්ලකින් හිමිට bulb එක හොල්ලල බලන්න.ඒත් නෑ කියන්නේ පොර්ට් එක lock කරලා තියෙන්නේ on වෙද්දි d0-d7 pin වල digital value එක 0 වෙන්න ඒක හදන්න පොර්ට් එක unlock ඕන.
මගේ next post එකෙන් පොර්ට් unlock හැටි බලමු.ඔයාල ඔය වැඩේ කරලා බලල මොකද වෙන්නේ කියල පහල link ඒකට ගිහින් comment දාල යනවා නම් ගොඩක් හොදයි.
යෝජනා සහ චෝදනා

port programming 1-කොටස



පොර්ට් එකක් යනු කුමක් ද?
යම් ස්ථානයකට දත්තයන්ට ඇතුල්වීමට හෝ පිට වීමට ඇති කපොල්ලක් ලෙස හැදින් විය හැක.පරිගණක වලදී සරල පොර්ට් එකක් යනු වෙනත් බාහිර උපකරණයන් පරිගණකයට සම්බන්ද කිරීමට යොදා ගන්නා කපාටයක් ලෙස සැලකියා හැක.


පොර්ට් address සෙවීම
අප නිවසක් හදුනාගන්නේ address එකෙන් සේම පරිගණකය පොර්ට් එකක් හදුනාගන්නේදaddress එක මගිනි.එය පොර්ට් address නම් වේ.පොර්ට් සදහා පමණක් නොව සියළුම දෘඩාංගවලට මෙසේ පරිගණකය මගින් address ලබා දී ඇත.මේ අනුව පරිගණක දෘඩාංගයන්ට 
o/l range(input/output range) එකක් ඇත.එනම් එක් එක් දෘඩාංගයට වෙනස් ලිපිනයන් ලබා දී ඇත.එම ලිපින පරාසය o/l range නම් වේ.පරිගණකයකට පොර්ට් එකක් හරහා උපකරණයක් 
සවි කල පසු සිදුවන්නේ මෙම පොර්ට් ලිපිනයන්ට පරිගණකය මගින් දත්ත යෙවිම  හා ලබා ගැනීමය .


පොර්ට් address සෙවීමට 
1.control panel-->system-->hardware-->device manager
වෙත යන්න.එවිට 1 රුපයේ පරිදි කවුළුවක් විවෘත වේ.
1 රූපය

2.දෙන් පොර්ට්ස් මත double click කරන්න.
3.ඔබට අවශ්‍ය පොර්ට් එක මත right click කර properties select කරන්න දැන් 2 රුපයේ පරිදි කවුළුවක් වීවෘත වේ.
2 රූපය

එහි resources tab එක click කල පසු
o/l range යටතේ පොර්ට් ලිපිනය දිස් වේ.
3 රූපය

නමුත් එය hexadecimal(16 පාදයෙන් දෙක්වේ)
පොර්ට් සදහා දත්ත ලිවිම සහ කියවීමට 10 පාදය හෝ 16 පාදය භාවිතා කල හැක.4 රුපයෙන් 16 පාදයෙන් ඇති පොර්ට් address එකක් 10 පාදයට හරවන ආකාරය දෙක්වේ.
4 රූපය

මෙතැන් සිට පොර්ට් programming සදහා මා භාවිතා කරනුයේ parallel port(printer port)එකයි.parallel port එක pin 25 කින් සමන්විත port එකකි.පොර්ට් programming සදහා යෝමු වීමට පෙර parallel port එක පිළිබද ඔබ දෙන ගත යුතු කරුණු කිහිපයක් ඇත.
5 රුපයේ පරිදි data register pins d0 සිට d7 දක්වා ඇති pin,port out කාර්යන් සදහා යොදා ගනී.
5 රූපය

මෙම තුඩක විද්‍යුත් වශයෙන් අවස්ථා 2කි.
1.විදුලිය ඇති
2.විදුලිය නැති
digital තාක්ෂණයට අනුව දී ඇති අගය 0 නම් එය විදුලිය නැති අවස්ථාවයි.අගය 1 නම්  එය විදුලිය ඇති අවස්ථාවයි.විදුලිය ඇති අවස්ථාවේ parallel port පින් තුඩක් මත +5v තරම් විභවයක්ද 2mA ධාරාවක්ද ඇතිවේ.විදුලිය නැති අවස්ථාවේ parallel port පින් තුඩක් මත 0v තරම් විභවයක්ද 0mA ධාරාවක්ද ඇතිවේ.එනම් D5 digital අගය 1 නම් එහි +5v විභවයක් ඇත.5 රුපයේ පරිදි control register pins දත්ත ලිවිම සහ කියවීම යන කාර්ය 2කටම භාවිතා වේ.මෙයට c0 සිට c3 දක්වා පින්ස් අදාල වේ.මෙහි විශේෂත්වය දත්ත ලිවීමේදී හෝ කියවීමේදී  මේවයේ අගයන් වල විලෝමය සැලකිය යුතුය.
status register (s3 සිට s7 දක්වා) පින්ස් දත්ත කියවීමට (ඇතුලු කිරීමට) භාවිතා කරයි.parallel port එකෙහි ඉතුරු පින්ස් 18 සිට 25 දක්වා ඇති පින්ස් භූගත පින්ස් (ground pins) ලෙස සැලකිය හැක.එනම් විභාවයේ   (-)අග්‍රය ලෙස සැලකිය හැක. ඉහත සදහන් කල  +5v හා 2mA සෑම පරිගණකයකම එලෙසම ලැබෙන්නේ නැත.එය පරිගණකයෙන් 
පරිගණකයට සුළු වශයෙන් වෙනස් වේ.ඔබ පොර්ට් සම්බන්දව කටයුතු කිරීමේදී තම පරිග්ණකයේ ආරක්ෂාව පිළිබඳ නිතරම විමසිලිමත් වන්න.
සෑම විටම 25pin male socket එකක් පරිගණකයට සම්බන්ද කර එයට වයර් පාස්සා ගන්න.ඔන්න එහෙනම් කස්ටියට ports ගැන ඇටි හැලෙන්න දුන්න.මදිද?