පොර්ට් එකක් යනු කුමක් ද?
යම් ස්ථානයකට දත්තයන්ට ඇතුල්වීමට හෝ පිට වීමට ඇති කපොල්ලක් ලෙස හැදින් විය හැක.පරිගණක වලදී සරල පොර්ට් එකක් යනු වෙනත් බාහිර උපකරණයන් පරිගණකයට සම්බන්ද කිරීමට යොදා ගන්නා කපාටයක් ලෙස සැලකියා හැක.
අප නිවසක් හදුනාගන්නේ address එකෙන් සේම පරිගණකය පොර්ට් එකක් හදුනාගන්නේදaddress එක මගිනි.එය පොර්ට් address නම් වේ.පොර්ට් සදහා පමණක් නොව සියළුම දෘඩාංගවලට මෙසේ පරිගණකය මගින් address ලබා දී ඇත.මේ අනුව පරිගණක දෘඩාංගයන්ට
o/l range(input/output range) එකක් ඇත.එනම් එක් එක් දෘඩාංගයට වෙනස් ලිපිනයන් ලබා දී ඇත.එම ලිපින පරාසය o/l range නම් වේ.පරිගණකයකට පොර්ට් එකක් හරහා උපකරණයක්
සවි කල පසු සිදුවන්නේ මෙම පොර්ට් ලිපිනයන්ට පරිගණකය මගින් දත්ත යෙවිම හා ලබා ගැනීමය .
පොර්ට් address සෙවීමට
1.control panel-->system-->hardware-->device manager
වෙත යන්න.එවිට 1 රුපයේ පරිදි කවුළුවක් විවෘත වේ.
1 රූපය |
2.දෙන් පොර්ට්ස් මත double click කරන්න.
3.ඔබට අවශ්‍ය පොර්ට් එක මත right click කර properties select කරන්න දැන් 2 රුපයේ පරිදි කවුළුවක් වීවෘත වේ.
2 රූපය |
එහි resources tab එක click කල පසු
o/l range යටතේ පොර්ට් ලිපිනය දිස් වේ.
3 රූපය |
නමුත් එය hexadecimal(16 පාදයෙන් දෙක්වේ)
පොර්ට් සදහා දත්ත ලිවිම සහ කියවීමට 10 පාදය හෝ 16 පාදය භාවිතා කල හැක.4 රුපයෙන් 16 පාදයෙන් ඇති පොර්ට් address එකක් 10 පාදයට හරවන ආකාරය දෙක්වේ.
4 රූපය |
මෙතැන් සිට පොර්ට් programming සදහා මා භාවිතා කරනුයේ parallel port(printer port)එකයි.parallel port එක pin 25 කින් සමන්විත port එකකි.පොර්ට් programming සදහා යෝමු වීමට පෙර parallel port එක පිළිබද ඔබ දෙන ගත යුතු කරුණු කිහිපයක් ඇත.
5 රුපයේ පරිදි data register pins d0 සිට d7 දක්වා ඇති pin,port out කාර්යන් සදහා යොදා ගනී.
5 රූපය |
මෙම තුඩක විද්‍යුත් වශයෙන් අවස්ථා 2කි.
1.විදුලිය ඇති
2.විදුලිය නැති
digital තාක්ෂණයට අනුව දී ඇති අගය 0 නම් එය විදුලිය නැති අවස්ථාවයි.අගය 1 නම් එය විදුලිය ඇති අවස්ථාවයි.විදුලිය ඇති අවස්ථාවේ parallel port පින් තුඩක් මත +5v තරම් විභවයක්ද 2mA ධාරාවක්ද ඇතිවේ.විදුලිය නැති අවස්ථාවේ parallel port පින් තුඩක් මත 0v තරම් විභවයක්ද 0mA ධාරාවක්ද ඇතිවේ.එනම් D5 digital අගය 1 නම් එහි +5v විභවයක් ඇත.5 රුපයේ පරිදි control register pins දත්ත ලිවිම සහ කියවීම යන කාර්ය 2කටම භාවිතා වේ.මෙයට c0 සිට c3 දක්වා පින්ස් අදාල වේ.මෙහි විශේෂත්වය දත්ත ලිවීමේදී හෝ කියවීමේදී මේවයේ අගයන් වල විලෝමය සැලකිය යුතුය.
status register (s3 සිට s7 දක්වා) පින්ස් දත්ත කියවීමට (ඇතුලු කිරීමට) භාවිතා කරයි.parallel port එකෙහි ඉතුරු පින්ස් 18 සිට 25 දක්වා ඇති පින්ස් භූගත පින්ස් (ground pins) ලෙස සැලකිය හැක.එනම් විභාවයේ (-)අග්‍රය ලෙස සැලකිය හැක. ඉහත සදහන් කල +5v හා 2mA සෑම පරිගණකයකම එලෙසම ලැබෙන්නේ නැත.එය පරිගණකයෙන්
පරිගණකයට සුළු වශයෙන් වෙනස් වේ.ඔබ පොර්ට් සම්බන්දව කටයුතු කිරීමේදී තම පරිග්ණකයේ ආරක්ෂාව පිළිබඳ නිතරම විමසිලිමත් වන්න.
සෑම විටම 25pin male socket එකක් පරිගණකයට සම්බන්ද කර එයට වයර් පාස්සා ගන්න.ඔන්න එහෙනම් කස්ටියට ports ගැන ඇටි හැලෙන්න දුන්න.මදිද?