Controll LED via Parallel port- Parallel port එක හරහා led bulb එකක් පාලනය කරමු.
කලින් post එකේ දුන්න ocx.rar eka download කරල extract කරල hwinterface.ocx කියන file එක c: >> windows >> system32 වලට copy >> paste කරන්න(32bit වලත් 64bit වලත් මේකටමයි.)
කට්ටිය vb6,vb2008,vb2010 වගේ normal vb version එකක් download කරල install කරා නම් ok.vb6 portable version එක වැඩ කරන්නේ 32bit os වල.64bit වල run කරන්න නම් download කරපු vb6 portable.rar එක extract කරලා vb6.exe එක right click කරලා properties වල compatibility tab එකේ run this program in compatibility mode for කියන එකට tick එකක් දාල පහලට select කරන්න තියෙන menu එකෙන් windows xp service pack 2 හරි windows xp service pack 3 හරි දීල apply >> okකරල vb6.exe එක doubble click කරලා open කරගන්න.open වෙද්දි new project කියල window එකක් එයි.එකේ standard exe කියන එක select කරලා open කරන්න.දැන් පහල රූපෙ විදියට දකුණු පැත්තේ tool bar එකේ tool නැති හරියක right click කරල components කියන එක select කරන්න.
components කියල window එකක් එයි එකේ browse click කරන්න
add activex කියල window එකක් එයි පහල රූපෙ වගේ.එකේ name කියන තැන hwinterface කියල type කරන්න රූපෙ වගේ.
ඔයා අර මන් කලින් කිව්වා විදියට ocx එක system32 වලට copy කරනම් ඔතන ඔහොම එකක් එයි.නැත්තම් type නොකර ඔය system32 folder එක ඇතුලෙන් hwinterface.ocx හොයල select කරලා හරි open >> apply >>> close දැන් tools වලට අළුත් tool එකක් එවිල්ල ඇති.
හරි දැන් වැඩේ හරි දැන් code ලියන එක තම.මෙතනින් එහාට ඔයාලගේ port programming ගැන දක්ෂතාව තීරණය වෙන්නෙ ඔයාලගේ vb නැත්නම් visual basic වල වැඩ කිඩ දන්න තරමට තමයි.හරි ඉස්සෙල්ලම අපි මගේ පළමු post එකේ විදියට parallel port එකේ 2වෙනි pin එක නැත්නම් D2 එකට LED BULB එකේ + අග්‍රයයි 18 සිට 25 දක්වා pin එකකට නැත්නම් ground pin එකකට LED BULB එකේ - අග්‍රයයි සම්බන්ද කරන්න.දැන් අර කිව්ව දේවල් කරල vb open කරගෙන අපි දාගත්ත අළුත් tool එක click කරලා form1 කියන එක උඩ drag and drop කරන්න .අපි ඔය කොටුවක් අදින්නේ ඒ වගේ.tool box එක උඩට mouse pointer එක ගෙනිහින් command button කියන එක හොයාගෙන ඒක උඩ click කරලා form1 එක උඩ කලින් වගේ කොටුවක් ඇදගන්න.ආයෙ පාරක් command button කියන එක උඩ click කරලා form1 එක උඩ කලින් වගේ තව කොටුවක් ඇදගන්න.ආයෙ පාරක් command button කියන එක උඩ click කරලා form1 එක උඩ කලින් වගේ තව කොටුවක් ඇදගන්න.දැන් command button 3ක් තියෙන්න ඕන.අපි ඔය විදියට form එක උඩ අදින ඒවට කියන්නේ objects කියල.ඒවගේ නම ,පාට වගේ ගොඩක් වෙනස් කම් object උඩ click කරලා දකුණු පැත්තේ තියෙන properties tab එකෙන් කරගන්න පුළුවන්.ඒව ඔයාල try කරල බලන්න.දෙන අපි objects වලට coding ලියන හැටි බලමු.form1 එකේ තියෙන command1 button එක උඩ doubble click කරන්න.එන window එකේ
Private Sub Command1_Click()
End Sub
මැද හිස්තැනේ hwinterface1 කියල type කරලා .(තිත) තියන්න එතකොට list එකක් එයි ඒකෙන් outport කියන එක select කරන්න.
ඊලගට "&h378" ඒකියන්නේ " " එතුලේ ඔයාලගේ port address එක type කරන්න.එක මගේ පළවෙනි post එකේ විස්තර කරලා තියෙනවා.දැන් ,1 කියල type කරන්න .ඒ කියන්නේ d2 pin එකට bit 1 ක් යවනව.ඒකියන්නේ +5 volt යවනව.දැන් සම්පුර්න code එක මෙහෙම වෙන්න ඕන
Private Sub Command1_Click()
Hwinterface1.OutPort "&h378", 1
End Sub
හරිනේ මේ led buld එක පත්තු කරන්න.දැන් මේ window එක close කරල මේ කරපු විදියටම command2 button එක උඩ doubble click කරල ඒකට bulb එක නිවන්න ඕන coding එක ලියමු.හරි ලේසි පත්තු කරන්න +5 volt යැව්ව නම් නිවන්න +0 volt යවමු.ඒ කියන්නේ යවන්න ඕන bit වලින් නම් 0 bit .හරිනේ.එහෙනම් කලින් coding එකේ ,1 කියන ටික ,0 කරාම වැඩේ ඉවරයි.
Private Sub Command2_Click()
Hwinterface1.OutPort "&h378", 0
End Sub
හරි bulb එක පත්තු කරන්නයි නිවන්නයි coding ලිව්ව.දැන් අපි හදපු programme එක end කරන්න coding එක ලියමු.ඒකට command3 button එක උඩ doubble click කරලwindow එකේ
Private Sub Command3_Click()
End Sub
කියන එකේ මැද හිස්තැනේ end කියල type කරන්න.එතකොට coding එක මෙහෙම වෙන්න ඕන.
Private Sub Command3_Click()
End
End Sub
හරි දැන් coding ඉවරයි.
දැන් testing.ඒකට අපේ vb window එකේ උඩින් තියෙනවා play/run button එකක් ඒක click කරන්න .
දැන් අපි හදපු form එක exe file එකක් විදියට run වෙයි.දැන් Command1 click කරලා bulb එක පත්තු වෙනවද බලන්න Command2 click කරලා bulb එක නිවෙනවද බලන්න.programme එකෙන් exit වෙන්න Command3 click කරන්න.
හරි වැඩේ ගොඩ නම් ඔයාලට පුළුවන් ඔය project එකයි form එකයි save කරගන්න.ඒකට file >> save project as click කරලා ඔයාල කැමති නමක් දීල project එකයි form එකයි save කරගන්න.හරිනේ.ඔයාලට පුළුවන් මේක exe file එකක් කරන්න.එතකොට ඔයාල හදුපු file එක doubble click කරාම ඔය form එක ව්තරක් open වෙනව.ඒ කට file >> make prject1.exe හරි
make (ඔයාල project එක save කරපු නම).exe කියල එකක් ඇති එක click කරන්න.එකත් save කරන්න තැනක් නමක් දීල save කරගන්න.
හැබැයි ඔහොම exe එකක් කරන්න පුළුවන් full vb software එකෙන් විතරයි.portable එකෙන් බෑ.portable vb අය අර විදියට project එකයි form එකයි save කරලා ආයෙ run කරන්න ඕන නම් මුලින් portable vb6 open කරලා ඒකෙන් ඔයාලගේ project එක open කරන්න.