HOME MADE VGA CABLE
VGA කේබල් එකක් ගෙදරදීම හදමු
මීටර් 2 කත් 15 ත් අතර VGA කේබල් එකක් මිළ අධික බව අපි දනිමු ගෙදර දීම මීටර් 15 ක් දිග VGA කේබල් එකක් හදාගැනීම ඉතා පහසු දෙයක්
ඒ සඳහා
CAT-5 හෝ CAT-5e එහෙමත් නැත්නම් පරිගණක NETWORK කිරීමට යොදාගන්න NETWORK කේබල් එකකින් මීටර් 15 ක්
HD15 Connector ( VGA MALE Connector) 2 ක් පමණක් ප්රමාණවත් වේ.
නමුත් HD15 Connector සොයාගැනීම අපහසු නම් VGA MALE TO FEMAL - MINI GENDER CHANGER ADUPTER 2 ක් වුවද යොදා ගත හැක.නමුත් එහිදී CAT-5 කේබල් පෑස්සිම හෝ සම්බන්ද කිරීම පිලිබඳ වඩාත් සුපරික්ෂාකාරී විය යුතය.
HD15 MALE CONNECTOR
VGA MALE TO FEMAL - MINI GENDER CHANGER ADUPTER
CAT-5 / CAT-5e / Network Cable
රූපයේ දක්වා ඇති ආකාරයට HD15 CONNECTOR එකේ අංක 1,2,3,6,7,13,14 PIN අනෙක් CONNECTER එකේ පිලිවෙලින් අංක 1,2,3,6,7,13,14 ටත් සම්බන්ද කරන්න.අංක 5,8,10, යන PIN 3 නම එක් කොට තනි PIN එකක් ලෙස සලක CAT-5 කේබල් එකේ තනි වයරය කට සම්බන්ද කර අනෙකේද 5,8,10 PIN එක් කොට තනි PIN එකක් ලෙස සලකා එම වයරයේ අනෙක් කෙලවරට සම්බන්ද කරන්න.1,2,3,6,7,13,14 , ( 5,8,10 ) ලෙස ගත් විට PIN 8 ක් ඇති අතර ඒවා අනෙක් CONNECTOR එකේ එම පින් අංක සමග ගැලපා සම්බන්ද කරන්න.ඒ සඳහා CAT-5 කේබල් එකේ ඇති වර්ණ 8 කින් යුත් වයර් 8 වෙන වෙනම භාවිතා කරන්න.
0 comments:
Post a Comment